රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය මියයයි
බටහිර සංගීත ලෝකයේ අමරණීය මිනිසෙකු වන රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, ගායන ශිලිපිනියක් වන ලීසා ප්‍රෙස්ලියි.
මියයන විට ඇය 54 හැවිරිදි වියේ පසු වුණා.
කැලිෆෝනියාවේ ජීවත් වූ ලීසා ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඇයගේ මව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.