Latest News

නිමා වූ The Ellen Show

ලෝක ප්‍රසිද්ධ The Ellen Show වැඩසටහන වසර 19 කට පසු නිමාවට පත්ව තිබෙනවා.

වැඩසටහන් වාර 19ක් හා කොටස් 3,200ක් පසුකළ Ellen DeGeneres වැඩසටන නිමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

2003 වසරේ ආරම්භ වූ මෙම වැඩසටහන විනෝදජනක මෙන්ම ජනප්‍රිය තලයේ ඉහළටම පැමිණි රූපවාහිනී වැඩසටහනක් විය.

එමෙන්ම මෙහි විශේෂත්වය වනුයේ The Ellen Show වැඩසටහනේ පළමු ආරාධිතයා වන Jennifer Aniston අවසන් වැඩසටහනේ ද ආරාධිතයා වීමයි.