ලොව වැඩිම උද්ධමනය සහිත රටවල්වලින් ශ්‍රී ලංකාව 03වන ස්ථානයට
ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
අප්‍රේල් 21 දිනට එය දැක්වෙන්නේ, 119%ක් ලෙසයි.
ගණනය කිරීම්වලට අනුව, 2022 ජනවාරි 1 වන දා සිට, ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව 48%කින් අවප්‍රමාණය වී තිබෙනවා.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, 1884 සිට 1950 දක්වා කාලය තුල ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් ස්ථාපිත කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි.