ත්රිරෝද රථයක දමා ගිය කුඩා බිළිඳිය
තලවකැලේ, හින්දු කෝවිල අසල ගාල් කර තිබු ත්රිරෝද රථයක් තුළ බිළිඳියක් අතහැර දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා.
මෙලෙස දමා ගොස් ඇති බිළිඳිය දින 12 – 14ක පමණ වයසැති බවයි වාර්තා වන්නේ.
පසුව අදාළ බිළිඳිය ලිදුල ප්රාදේශීය රෝහල වෙත භාරදුන් බව තලවකැලේ පොලිස සඳහන් කළා.
ඒ අනුව ලිදුල ප්රාදේශීය රෝහලට ඇතුළත් කළ බිළිඳිය වැඩිදුර ප්රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වනවා.
ත්රිරෝද රථය දිනපතා කෝවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරීමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසි ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්රිරෝද රථයේ පසුපස අසුනේ බිළිඳියක් සිටින බවට දැක පොලීසිය දැනුවත් කර තිබෙනවා.
අදාළ බිළිඳිය ත්රිරෝද රථය තුළ දමා ගිය අය පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තලවකැලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.