Latest News

ලොව වයස්ගතම පුද්ගලයා වන ලුසීල් රැන්ඩන් නැමැති කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වෙයි

ලොව වයස්ගතම පුද්ගලයා වන ප්‍රංශ ජාතික ලුසීල් රැන්ඩන් නැමැති කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

1904 වර්ෂයේ පෙබරවාරි 11 වැනිදා දකුණු ප්‍රංශයේ දී උපත ලබා තිබෙනවා.

එම කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වන විට 118 වන වියේ පසු වුණ අතර ඇය ටූලෝන්හි ඇගේ සාත්තු නිවාසේ නින්දේ දී මිය ගිය බවයි එහි ප්‍රකාශක ඩේවිඩ් ටවේල්ලා විදෙස්මාධ්‍යට පවසා තිබුණේ.

2021 දී කොවිඩ් -19 වසංගතයෙන් ඇගේ වැඩිහිටි නිවාසයේ සිටි 10 දෙනෙකු මිය ගිය අතර ඇය එම ව්‍යසනයෙන් ද දිවි බේරා ගෙන තිබූ බව වාර්තා වනවා.

ලුසීල් රැන්ඩන් කන්‍යා සොහොයුරිය 1944 වර්ෂයේ දී කන්‍යාරාමයකට ඇතුළු වීමට පෙර ආණ්ඩුකාරවරියක් සහ උපදේශකවරියක් ලෙස ද සේවය කර තිබෙනවා.