තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරයේ සේවකයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි
මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද (13) ආරම්භ කෙරුණා.
ඒ අනුව එහි මාධ්‍ය විශේෂඥයන් දෙදෙනකු ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා.
මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
මේ වන විට ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ද ලැබී තිබෙනවා.
ඒ අනුව විමර්ශන සිදුකළ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ දිනයේදී සැකකාරිය ඇයගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයටද රැගෙන ගොස් තිබුණා.
එමෙන්ම, අදාළ කාන්තාවගේ මූල්‍ය හෝ දේපළ වංචාවකට හසුවූ ඕනෑම අයෙකුට තම පැමිණිලි ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශක් ද නිකුත් කර තිබෙනවා.
මේ අතර තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ වංචනික සිද්ධීන්ට හසු වූ බව කියන ව්‍යාපාරිකයෙකු අද දෙරණ සමග සිය අත්දැකීම අනාවරණ කර තිබෙනවා.
අදාළ පුද්ගලයා විසින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොණුකර ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, ඔහුගෙන් සැකකාරිය අමෙරිකානු ඩොලර් හැටදහසක්, ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සහ රත්‍රිං කිලෝවකට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි.