තිළිණි ප්‍රියමාලි යළිත් අධිකරණය හමුවට
ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගත් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ඇප මත මුදා හැර ඇති තිළිණි ප්‍රියමාලි, ඉසුරු පෙරේරා, කසුන් පෙරේරා සහ සෙල්ලයියා ජයමෝහන් යන අය අද (11) අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
මෙහිදී තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරට අයත් අධිකරණය භාරයේ ඇති රථය මුදා හරින ලෙස තිලිණි ප්‍රියමාලිගේ පාර්ශවයේ නීතිඥයින් කළ ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වී තිබුණා.
ඒ අනුව එම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කළා.
මේ අතර මෙම නඩුකරයට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර සිටී බොරැල්ලේ සිරිසුමන හිමියන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එම හිමියන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසටත් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
බොරැල්ලේ සිරිසුමන හිමියන්ට මෙලෙස නඩු දෙකකට අදාලව වරෙන්තු නිකුත් කර තිබෙනවා.