තිළිණි ප්‍රියමාලිට ඇප
මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිකෝසමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලිට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා.
අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙලෙස ඇයට ඇප නියම කරනු ලැබුවා.
රුපියල් පනස් දහසක මුදල් ඇප හා රුපියල් මිලියනයක ශරීර ඇප මත මෙලෙස තිළිණි ප්‍රියමාලි මුදාහැර තිබෙනවා.
මේ අතර ඊට අදාළ ඇපකරුවන්ගේ පදිංචි සහතික වත්කම් සහතික ද ඉදිරිපත් කළ යුතු බව සඳහන්.
එමෙන්ම තිළිණි ප්‍රියමාලි හට විදේශ ගමන් ද තහනම් වන අතර, ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යැවිය යුතු බවත් සෑම මසක ම අවසාන ඉරිදා දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් අධිකරණය විසින් තිළිණි ප්‍රියමාලිට නියෝග කර තිබෙනවා.