සිරගෙදරේ අත්දැකීම් ගැන පොතක් ලියන තිළිණි ප්‍රියමාලි
මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිළිණි ප්‍රියමාලි විසින් සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් සඳහන් කරනවා.
ඇය මේ බව සඳහන් කලේ, මූල්‍ය වංචා නඩු 09 ක් සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා ඊයේ (11) පෙරවරුවේ අධිකරණයට පැමිණි අවස්ථාවේදී යි.
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලි මූල්‍ය වංචා චෝදනා මත මාස දෙක හමාරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමෙන් අනතුරුව පසුගිය 16 වනදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.