බන්ධනාගාරගත කළ තිළිණි ප්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් හමුවෙයි
රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සතුව තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
එය අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය සහ බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවයි.
ව්‍යාපාරිකයින් සහ ප්‍රභූවරුන්ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගැනීමේ චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි පසුගිය 06 වනදා කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන ගිය මෙම කාන්තාව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, රුපියල් මිලියන 226කට අධික මුදලක් ලබාගෙන ඒවා ආපසු ගෙවීම සඳහා ලබාදුන් චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.
එමෙන්ම, මේ වනවිට ඇය සමග ගණුදෙනු කළ බව කියන පුද්ගලයින් රැසකගේ නම් සඳහන් ලැයිස්තුවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.