රට රාජ්‍යවලින් ප්‍රතිකාර කළත් හරි ගියේ නෑ ඒත් නම වෙනස් කළාම දරුපල ලැබුණා
උපන් කේන්ද්‍රයට අනුව ජීවිතය කොතරම් සෞභාග්‍යමත් එකක් වුවත් ඉතා දුක සේ දිවි ගෙවන්නන්ද සිටියි. එමෙන්ම කේන්ද්‍රයේ ප්‍රබල ග්‍රහ යෝග කිහිපයක්ම පෙන්නුම් කළත් නිතර නොසිතූ කරදරවලට මුහුණපාන අයද ඇත. කේන්ද්‍රයේ මොනයම් අනාවැකි පැවසුණත් පුද්ගලයෙකුගේ ජීවිතය කණපිට හරවන අප්‍රකට රහස ඔහුගේ නම බවයි නාම හා ශබ්ද ශාස්ත්‍රඥ නිවංක දිනාරංග මහතා පවසන්නේ. නමේ අසුබ ගණ පිහිටීම් නිසා ජීවිත උඩුයටිකුරු වන අයුරු ඔහු පෙන්වා දෙන්නේ සාක්ෂි සහිතවය. සුබ නමක් කියැවෙන වාරයක් පාසා එය ආරක්ෂක මන්ත්‍රයක් සේ පුද්ගලයා ආරක්ෂා කරයි. අනෙක් පසද එහෙමය. අසුබ ගණ පිහිටීම් සහිත නමක් කියැවෙන විට වස් කවියක් ලෙස එය ඔහුට අසුබපලම ලබාදේ. එමනිසා නමට අනුව කෙනෙකුගේ ජීවිතය සම්බන්ධව පළකරන අනාවැකි වරදින්නේ නැති තරම්ය. නාම හා ශබ්ද ශාස්ත්රයේ බල මහිමයෙන් වෛද්‍ය නිවංක දිනාරංග ආලෝකමත් කළ ජීවිත ගණන 5000කට අධිකය. මෙතැන් පටන් මේ දිගහැරෙන්නේ එලෙස ජීවිතය දිනූ අය ‘ධරණී’ට කියූ ඔවුන්ගේ කතාය. පෞද්ගලිකත්වය හෙළිකරීම අවැසි නැති නිසා නම් ගම් පමණක් වෙනස්කර ඇත.
දහසකුත් පැතුම් පොදි කරපින්නාගෙන විවාහ දිවියට එළැඹෙන සෑම යුවතියකගේම උතුම්ම ප්‍රාර්ථනාව දරු පැටියෙකුගේ සුරතල් දැකීමය. වසර ගණනාවක් ගත වුණත් ඒ ප්‍රාර්ථනාව සඵල නොවීමෙන් මහත් පීඩා විඳි අයෙකි, කුරුණෑගල දීපිකා රණතුංග.
නාම හා ශබ්ද ශාස්ත්රයේ පිහිටෙන් ඇගේත් ඇගේ සැමියාගේත් ජීවිතය එළිය වැටුණු හැටි ඈ අපට කීවේ මෙලෙසය.
‘‘කසාද බැඳපු මුල් කාලේ ඉඳලම මහත්තයයි මමයි දෙන්නම දරුවෙක් ගැන අහස උසට බලාපොරොත්තු තියාගත්තා. හැබැයි බැඳලා අවුරුදු හතක් යනතුරුත් දරු පැටියෙකුගේ මූණ දකින්න තරම් අපි වාසනාවන්ත වුණේ නැහැ. ඉතින් මහත්තයයි මායි හම්බ කරන හැම සතේම වියදම් කර කර මේකට රට වටෙන්ම ප්‍රතිකාර කළා.
ඒ කිසි දෙයක් හරි නොගිය තැන අපි දේවාල ගානේ යන්න පටන් ගත්තා. ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ජ්‍යොතිෂ්‍යවේදීන් කිහිපදෙනෙක්වත් හම්බවුණා. මගේ කේන්දරේ දරුඵල සම්බන්ධයෙන් ගැටලුවක් නෑ කියලා තමයි ඒ හැමකෙනෙක්ම වගේ කිව්වේ.
ඔය අතරේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් ගැන අපිට අහන්න ලැබුණා. දෙපාරක් හිතන්නේ නැතුව අපි ඉන්දියාවේ ගිහිල්ලා ප්‍රතිකාර කළා. වැඩක් නෑ! ඒ හැමදේම ගඟට කැපුව ඉනි විතරයි.
දරුවෙක් නැති පීඩනේ විතරක් නෙමේ මහත්තයගේ අම්මත් මට නිතරම ඇනුම්පද කිව්වා. සමහර යාළුවෝ නෑදෑයෝ මාව දකින දකින සැරේට තාම ළමයි නැද්ද කියලා මගෙන් ඇහුවා. අනික දරුවෙක් හදන වයස පවා පහුවෙමින් තිබුණු නිසා ඇත්තටම මට ජීවිතේ පවා එපා වෙලයි තිබුණේ.
ඔය අතරේ මගේ අක්කා එයාලගේ නම් පරීක්ෂා කරගන්න ඩොක්ටර් නිවංක ළඟට ගිහිල්ලා තිබුණා. එතැනදී කරුණු කාරණා හරියටම කියැවුණු නිසා ඩොක්ටර් ගාවට යන්න කියලා අක්කා මටත් කිව්වා.
මහත්තයට නම් මේ ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. අනික ප්‍රතිකර්ම කරලා කරලා එයත් හති වැටිලා හිටියේ. ඒත් ඉතින් කරන්න වෙන දේකුත් තිබුණේ නැති නිසා මහත්තයයි මායි ගිහිල්ලා ඩොක්ටර්ව මුණගැහුනා. අපි දෙන්නගේ නම් බලලා ඩොක්ටර් කිව්ව දේවල් අහලා ඇත්තටම අපි දෙන්නම පුදුම වුණා. නාම ශාස්ත්‍රයට අනුව බැලුවම මහත්තයගෙ නමේ දරුපල දෝෂයක් තියෙනවලු. එයාගේ නමට ගැළපෙන නමක් ලැබුණනම් මේ තරම් ලොකු ප්‍රශ්නයක් නැහැලු. හැබැයි මගේ නමෙනුත් මහත්තයගේ ප්රශ්නය වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නේ නැහැ කියලා තමයි ඩොක්ටර් කිව්වේ. පස්සේ ඩොක්ටර් අපි දෙන්නගේම නම් වෙනස් කළා. ඊටපස්සේ ඒ විදියටම අපි ලියකියවිලි පවා වෙනස් කළා.
අපිට ඒ නම්වලින් කතා කරන්න කියලා හැමෝටම වගේ කිව්වා. ඩොක්ටර් ගැන ලොකු විශ්වාසයක් තිබුණු නිසා අපි ආයෙත් කිසිම ප්‍රතිකාරයක් කළෙත් නැහැ. ඔහොම අවුරුද්දක් විතර ගත වෙනකොට මම අම්මා කෙනෙක් වෙන්න යන ලක්ෂණ පහල වුණා. මුළු ලෝකෙම අපි දෙන්නගේ අත් උඩින් ගෙනල්ලා තිබ්බා වගේ සතුටක් එදා අපි දෙන්නට දැනුණා. ඒ සතුට වචනවලට පෙරලන්න බැහැ. ඩොක්ටර් නිවංකට සිං සිද්ධ වෙන්න අද අපිට අවුරුද්දක පුතෙක් ඉන්නවා.’’
උතුම් මව් පදවියට උරුමකම් කීමට හැකිවීම ගැන දීපිකා පසුවන්නේ ඉමහත් සතුටකින්ය. ඈ පවසන ආකාරයට ඇගේ ජීවිත ඉරණම වෙනස් වුණේ නාම ශාස්ත්‍රයට පිං සිදුවන්නටය. නාම හා ශබ්ද ශාස්ත්‍රයෙන් දීපිකාගේ පවුලේ ඉරණම විසඳූ හැටි ගැන වෛද්‍ය නිවංක කියන්නේ මෙවැන්නක්ය.
‘‘දීපිකාගේ සැමියාගේ නමේ දරුපල සම්බන්ධ බරපතළ දෝෂයක් තිබුණා. දීපිකාගේ නමෙත් යම් යම් දෝෂ තිබුණු නිසා මම දෙන්නගෙම නම්වල දෝෂ ඉවත් කරලා නම් දෙකම ටිකක් වෙනස් කළා. ඉතින් නම් වෙනස් කරලා ටික කාලෙකින්ම හොඳ ප්‍රතිඵල ලබාගන්න මේ යුවළට පුළුවන් වුණා.
දීපිකාගේ පවුල නාම ශාස්ත්‍රයෙන් දරුපල සමබන්ධ දෝෂ ඉවත් කළ එක යුවළක් විතරයි. මේ වගේ දෝෂ ඕනතරම් මම නිවැරදි කරලා තියෙනවා.
ගොඩක්දෙනා විවාහයට කලින් පොරොන්දම් ගළපනවනේ. එතැනදී දරුපල ගැනත් කියැවෙනවා. හඳහනට අනුව දරුපල හොඳ වුණත් නාම ශාස්ත්‍රයට අනුව දෙන්නගේ නම් බලලා දරුපල සම්බන්ධ දෝෂ තියෙන බව කියන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාත්මකව ගත්තත් මේ ගොඩක් අය නිරෝගියි.
මේවා දරුපල දෝෂ විදියට විතරක්ම නෙමෙයි විවාහ දෝෂ විදියටත් ඇතිවෙනවා. විවාහ ජීවිතේ අසාර්ථක වෙනවා කියලා නමින් පෙන්නුම් කරනවා නම් ඒ ගැන ටිකක් හොයලා බලද්දි ඒ අයට තියෙන එකම ගැටලුව දරුවන් නැති එක. දරුවන් නැති එක ජීවිතේ ලොකුම ගැටලුව වෙලා පවුල් ජීවිතය අසාර්ථක වෙලා.
ඒ විතරක් නෙමෙයි ලැබෙන්න ඉන්න දරුවට අසනීප තත්ත්වයන් තියෙනවද කියන එක පවා අම්මගේ තාත්තගේ නම්වලින් හොයාගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ඒකත් විවාහ දෝෂයක්. ලංකාවේ ඔටිසම් නැත්නම් සෙරබල් පෝල්සි (Cerebral Palsy) වගේ තත්ත්වයන්ගෙන් පීඩා විඳින දරුවන්ගේ 80%ක දෙමව්පියන්ගේ නම්වල ඔය කිව් දෝෂ පෙන්නනවා.
දරුවා ලැබෙන්න ඉන්දැද්දි දෝෂය අහුවුණොත් යම් යම් පිළියම් යොදලා ඒ තත්ත්වය නැති කරන්න පුළුවන්.
සමහර දරුවන්ට ඉපදෙනකොට කිසිම දෝෂයක් නැහැ. හැබැයි ඉපදිලා ටික කාලෙකින් ඔටිසම් වගේ තත්ත්වයන් ඇතිවෙනවා. දරුවා ඉපදෙන්න කලින් අම්මගේ තාත්තගේ නම් පරීක්ෂා කරනවා නම් වෙන්න තියෙන ඒ වගේ ගැටලු වුණත් වළක්වගන්න අමාරු නැහැ.
ඔටිසම් වගේ තත්ත්වයක් නම් දරුවා ලැබුණට පස්සේ නමෙන් පිළියම් යොදන්න පුළුවන්. හැබැයි සෙරබල් පොල්සි වගේ තත්ත්වයක් දරුවා ඉපදෙනකොටම දරුණු අවධියක තිබුණොත් ඒක ආයෙ හදන්න බැහැ. ඉතින් විවාහ වෙන්න කලින් හඳහන් ගළපනවා වගේ දෙන්නගේ නම්වල දරුපල දෝෂ නැත්නම් විවාහ දෝෂ තියෙනවද කියලා බලන එක තමයි හොඳම දේ.’’
නදීශා නිර්මාණි