Latest News

ත්‍රිපෝෂ හිඟයක්

ළදරුවන් සහ මව්වරුන්ට ලබාදීම සඳහා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගබඩාවල ත්‍රිපෝෂ නොමැති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා.

මේ හේතුවෙන් සායනවලට පැමිණෙන ගැබිණි මව්වරුන්ට සහ ළදරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම සිදු නොකරන බව ඇය ප්‍රකාශ කළා.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු අවශ්‍යතාවය අනුව සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස ළදරුවන්ට සහ ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමට නොහැකිව තිබෙනවා.

දෛනිකව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් හැත්තෑවක් පමණ අවශ්‍ය වන අතර එම අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය සපුරා ගැනීමට නොහැකිවීම නිසා බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කළ ද මේ වනවිට එය ද නැවතී තිබෙනවා.