Latest News

ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇති බව උපුල් රෝහණ නැවතත් කියයි

ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (23) දෙවැනි දිනටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.

ඒ , එම අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ විශේෂ වැටලීම් අංශය වෙතයි.

මෙහිදී උපුල් රෝහණ සඳහන් කළේ, ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට තමන් සිදු කළ ප්‍රකාශය නිවැරදි බවයි.