Latest News

දෙහිවල සත්වෝද්‍යානයේ “කෙල්ල” මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වන “කෙල්ල” නැමති ව්‍යාඝ්‍ර ධේනුව මියගොස් තිබෙනවා.

අකිරා, ඩුමා සහ ලියෝ යන එම පැටවුන්ට මෙම ව්‍යාග්‍ර ධේනුව උපත ලබා දුන්නා.

පැටවුන්ට ඉතාමත් ආදරණීය මවක් වූ ඇය මිය යනවිට වයස අවුරුදු 15 පමණ විය.

දෙහිවල සත්වෝද්‍යානයේ නිලධාරීන් සඳහන් කලේ, “කෙල්ල” නැමති ව්‍යාග්‍ර ධේනුව දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිමින් සිටින බවයි.

ඇය සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් සහ සත්ත්ව අංශයේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් තිබෙනවා.

චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහනක් ඔස්සේ 2008 වසරේදී ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට ඇය රැගෙන විත් තිබුණා.

ව්‍යාඝ්‍ර ධේනුවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සහ අනෙකුත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.