Latest News

ටික් ටොක් වීඩියෝව නිසා 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (03) දහවල් මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ දී මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මෙම තරුණයා ඔහුගේ යහළුවන් දෙදෙනෙකු සමග මාදම්පිටිය මාර්ගයේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට යමින් සිටින විට ඔවුන් පසු පස පැමිණි මෙම තරුණයාව හඳුනන තවත් පිරිසක් විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී තිබූ බව පොලීසිය සඳහන් කළා.

මෙහිදී පොලිසිය සඳහන් කළේ, මරණකරු සමග ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුකර ඇති බවයි.

මේ වනවිට සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.