රාමසාන් සැමරීමට ගිය දැරියන් දෙදෙනෙක් ටිපර් රථයක ගැටී මරුට
හෙට්ටිපොළ ප්‍රදේශයේ දී ඊයේ (03) පස්වරුවේ ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දැරියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 8 හා 17 යන වයස්වල පසුවූ දැරියන් දෙදෙනෙක්.
අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ මව,පියා හා සොහොයුරා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම පිරිස රාමසාන් සැමරීම සඳහා ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුරට සිදුව තිබෙනවා.
ත්‍රීරෝද රථයේ ගමන් ගත් පිරිස නාරම්මල පැන්තැනිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
ටිපර් රථයේ අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය සඳහන් කලේ.
සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.