TNA සහ රනිල් අත්සන් කළා යැයි කියන ගිවිසුම බොරුවක්
එක්සත් ජාතික පක්ෂයේ නායකරනිල් වික්‍රමසිංහ මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කළ බව සඳහන් කරමින් පළවන වාර්තාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවෙදනයක් නිකුත් කරයි.
එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එය කූඨ ලේඛණයක් බවත් රට අස්ථාවර කිරීමට ගත් ලියැවිල්ලක් බවත් සඳහන් කරයි.
එසේම ජාතිවාදය පතුරුවමින් හා අවුලූවමින් බලය රැක ගැනීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී බලකාමීන් ගෙනයනු ලබන මේ නීච ව්‍යයායමයන්ට එරෙහිව සටන් වැදීමට එක්වන ලෙස සියළු දේශප්‍රේමී ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටියි.