කාන්තාවන්ට ගෘහ සේවයට යන්න අවම වයස වෙනස් කරයි
ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25 ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවුරුදු 23ක් ද අනෙකුත් රටවල් සඳහා අවුරුදු 21ක් ද වනවා.
මෙය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන එකී වයස් සීමාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සිදු කෙරුණා.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට 2022 ජුනි මස 6 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
එහිදී මෙම අනු කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා ගත කිරීමේ අවම වයස් සීමාව අවුරුදු 21 වශයෙන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා