Top Model Of The World තෙවන ස්ථානය දිනා ගත් සඳනි පීරිස් දිවයිනට
29 වන Top Model Of The World – 2023 තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි පීරිස් මෙනවිය අද (07) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
අදාළ තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 20 දින සිට මාර්තු මස 03 දක්වා, ඊජිප්තුවේ කයිරෝ නුවර දී පැවැත් වුණා.
මෙම තරඟය සඳහා ලෝකයේ රටවල් 42ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගී තිබුණා.
22 හැවිරිදි සඳනි පීරිස් කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක “බැලේ ” නර්තන උපදේශිකාවක් ලෙස ද කටයුතු කරමින් සිටිනවා.
ඇය එම ජයග්‍රහණ රැගෙන අද (07) උදෑසන 08.30ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එහිදී සඳනි පීරිස් මෙනවිය සිය අනාගත බලාපොරොත්තු පිළිබඳව ප්‍රකාශ කරමින් සඳහන් කර සිටියේ, ඉදිරි මාස 06ක කාලය සඳහා ඉන්දියාවේ විශාලතම නිරූපණ ශිල්පී ආයතනයේ ආරාධනාවක් මත එහි සේවය සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.