ත්‍රිරෝද රථය දුම්රියේ ගැටීමෙන් එකම පවුලේ සිවුදෙනෙකු මරුට
ගාල්ල බූස්ස රිල්ලඹ මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටි සිදුවු අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙහිදී පොලීසිය සඳහන් කළේ, අද (01) පෙරවරු 10.45ට පමණ මාතර සිට වව්නියාව දක්වා ධාවනය වු දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් එම ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස ගමන්ගත් අවුරුදු 46ක් වු රියදුරු ඔහුගේ බිරිඳ වු 47 හැවිරිදි කාන්තාවක්, අවුරුදු 84ක් වන රියදුරුගේ පියා හා මව ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.