දුම්රියේ ගැටී තරුණියක් මරුට – බේරා ගැනීමට පැමිණි පියාට බරපතලයි
යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොකුවිල් දුම්රිය ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි දුම්රිය හරස්මාර්ගයදී අදාළ තරුණිය පාපැදියකින් ගමන් කිරීමට උත්සහා කිරීමේදී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
එහිදී තරුණිය දුම්රිය දැක නොමැති අතරම දුම්රිය පැමිණෙන බව දුටු තරුණියගේ පියා විසින් දිව ගොස් දියණිය බේරා ගැනීමට උත්සහ ගැනීමේදී පියා දුම්රියේ ගැටී විසි වී බරපතල තුවාල ලබා තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පියා රෝහලගත කොට ඇති අතර තරුණිය එම ස්ථානයේම මිය ගොස් තිබුණා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කෝපායි පොලීසිය සිදු කරනවා.