එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි – එක් තරුණියක් මරුට
ඊයේ(28) පස්වරුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ, 20 හැවිරිදි තරුණියක්.
අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් වන අතර ඔවුන් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරිණියන් වනවා.
කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ මෙම තරුණියන් දෙදෙනා ගැටී තිබෙන අතර එක් තරුණියක් මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.