Latest News

මාගාල්ල දුම්රිය අනතුරින් ගැබිණි මව හා දියණිය මරුට

ගාල්ල – මාගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය අසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරින් ගැබිණි කාන්තාව හා දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් අසාධ්‍ය තත්ත්වයේ සිටි ගැබිණි කාන්තාවගේ කුසෙහි සිටි දරුවා බේරාගැනීමට වෛද්‍යවරු උත්සාහ දරුවත් එය ව්‍යර්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවගේ 8 හැවිරිදි දියණිය ද රෝහලට යන විටම මියගොස්ව සිට ඇති බව වාර්තා වනවා.

මංගල උත්සවයකට යමින් සිටියදී මොවුන් අද (18) උදෑසන මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරින් ගැබිණි කාන්තාව හා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබුණා.

ගැබිණි කාන්තාව හා ඇයගේ දියණිය අනතුරින් මියගොස් ඇති අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.