ඩීසල් නැති නිසා ගුවන් තොටුපළ සේවකයින් නිවසේ සිට රාජකාරියේ
කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට අද (7) නිවසේ සිට රාජකාරි කරන ලෙස උපදෙස් දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.
ගුවන් තොටුපළ සේවකයින් ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඩීසල් තොග නොමැති වීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් සේවකයින් කැඳවන බවත් එහි උප සභාපති රජීව් සූරියආරච්චි මහතා සඳහන් කළා.
එමෙන්ම ගුවන් තොටුපළ සඳහා අවශ්‍ය ඉන්ධන තොග දින කිහිපයක සිට ඇණවුම් කළ ද මෙතෙක් එම ඉන්ධන තොග නොලැබි ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත් ගුවන් තොටුපළ රෙඩාර් පද්ධතිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්තිය ගැටලුවකින් තොරව ලබා ගැනීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.