තුර්කි භූ කම්පනයෙන් පසු අතුරුදන් වූ ශ්‍රී ලංකික කාන්තාවගේ ජංගම දුරකථනය සොයා ගැනේ
තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකථනය සොයා ගෙන ඇති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
කෙසේවෙතත් ඇය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක සඳහන් කලේ.
මුල් අවස්ථාවේ, ඇය සිටි ගොඩනැගිල්ල කඩා වැටුණ බවටත්, ඉන් පසු ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එහි සිටි පිරිස් ඉන් ඉවත්ව ඇති බවටත්, පසුව ඇයගේ ජංගම දුරකථනය හමුවූ බවටත් තොරතුරු ඇතැයි, අදාළ නිලධාරිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කලේ, භූ කම්පනයේ බලපෑමට ලක්වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු සිට ඇති බවත් ඉන් 13කු නිරුපද්‍රිතව සිටින බවට තොරුතුර ඇති බවයි.
මේ අතර තුර්කි භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 8 ගුණයකින් ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.