Latest News

වසර දෙකක උපන් නිවුන් දරුවන්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවක නිවුන්නු දරුවන් බිහි කළ අතර, එම දරු දෙදෙනාගේ උපන් දිනය වසර දෙකකට යෙදීම සුවිශේෂී සිදුවීමක් වනවා.

නිවුන් දරු දෙදෙනා පුතකු සහ දියණියකි.

ඇල්ෆර්ඩෝ අන්තෝනියෝ ටෘජිලෝ නමැති ඔහු උපන්නේ 2021 වසර අවසන් වෙද්දී දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී 11.45 ටයි.

දියණිය අයිලීන් යොලන්ඩා උපන්නේ, මැදියම් රැයේ දී එනම් 2022 නව වසර උදා වෙද්දී ජනවාරි පළමු වැනිදායි.

ඒ අනුව නිවුන් දරු දෙදෙනාගේ උපන් වසර වෙනස් වේ.

දරු දෙදෙනාගේ මව ෆාතිමා මැඩ්රිගාල් පවසන්නේ තම සිඟිත්තන් දෙදෙනාගේ උපන් දිනය අවුරුදු දෙකකට යෙදීම පුදුමයට කරුණක් බවයි.

ඇගේ දියණිය 2022 වසර උදා වෙද්දී ඇමෙරිකාවේ රෝහලක උපත ලැබූ පළමු දරුවා ද වෙයි.

ඒ ගැන ද තමන් අතිශය සතුටු වන බව ෆාතිමා පවසා තිබෙනවා.