UGC උප සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.
ඒ අනුව අද පෙරවරුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මීට පෙර එම ධූරයේ කටයුතු කළ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයේ වැඩ බාර ගැනීමත් සමඟ හිස් වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ධූරයට මහාචාර්ය චන්දන උඩවත්ත මහතාගේ පත්වීම සිදුකර තිබේ.
ඒ මහතා මීට පෙර ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයේ කටයුතු කර ඇති අතර ව්‍යවහාරික විද්‍යා පීඨයේ භෞතික විද්‍යා හා තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කර ඇත.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා රාජ්‍ය ආයතන කිහිපයක සභාපති ධූරයේ කටයුතු කළේය.