වැඩිහිටි කන්ද වැඳීමට ගිය විශ්වවිද්‍යාල සිසුවා හදිසියේම මියයයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි තෙවන වසරේ සිසුවකු කතරගම වැඩිහිටි කන්කන්ද වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ උස්මදුලාව පදිංචි 28 හැවිරිදි සලිත දිල්ශාන් නැමැති සිසුවායි.
තවත් සිසු සිසුවියන් 18 දෙනකු කතරගම වැඩිහිටි කන්ද වැඳපුදා ගැනීමට ගොස් ඇති අවස්ථාවේ උඩමළුවට ආසන්නයේ දී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාළ සිසුවා කතරගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.