Latest News

රාජ්‍ය නායක සමුළුව මගහැරුණ අමාත්‍යවරිය

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළු පරිශ්‍රයට ප්‍රවේශ වීමට රෝද පුටුවකින් පැමිණි ඊශ්‍රායල් අමාත්‍යවරියකට එම අවස්ථාව සඳහා සහභාගී වීමට නොහැකිව තිබෙනවා.

ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිත කණ්ඩායම සමග පැමිණි එම අමාත්‍යවරියට ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවති සමුළුවට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා සංවිධායකයින් පහසුකම් සලසා නොතිබීම හේතුවෙන් බව වාර්තා වේ.

පැය 2ක පමණ කාලයක් ශාලාවෙන් පිටත රැදී සිටි ඊශ්‍රායල් අමාත්‍යවරියක වන කැරීන් එල්හරා ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර සංවිධායකයින් වෙත මේ පිළිබඳ පැමිණිලි කර ද තිබෙනවා.

අද (02)දිනය තුළ අදාළ අමාත්‍යවරියට සමුළු පරිශ්‍රයට ඇතුළු වීමට අවස්ථාව අහිමි වුවහොත් තම කණ්ඩායමද ඊට සහභාගී නොවන බව ඊශ්‍රායල් නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත.