Latest News

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් මියයයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අබේවර්ධන මුදලිගේ දොන් විද්‍යානි මදුමාලිකා ද සිල්වා නමැති සිසුවියක්.

ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කරනවා.

ඊයේ (28) රාත්‍රියේ සිසුවිය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මළලසේකර නේවාසිකාගාරය තුළ කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක තිබෙනවා.

පසුව ඇය ඊයේ රාත්‍රී 11:15ට පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (01) අලුයම මියගොස් ඇති බව වාර්තා වනවා.