News

Update – රු. කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් කුඩු තොගය සමඟ ඉරාන යාත්‍රාව කොළඹ වරායට

රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන යාත්‍රාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායේ නාවික හමුදා ජැටිය වෙත ළඟා වී ඇත.

නාවික හමුදාවේ සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු මුහුදේ දී අද අලූයම අත්අඩංගුවට ගත් යාත්‍රාවේ ඉරාන ජාතිකයින් 9 දෙනෙකු සිට ඇත.

එම හෙරොයින් තොගය පාකිස්තානයෙන් ගෙනවිත් ඇත.