අනියම් ඇසුර මරණයෙන් කෙළවර වෙයි
ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවීමේ සිද්ධියක් ඊයේ (21) වාර්තා වුණ අතර සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
මෙහිදී මියගිය පුරුෂයා විසින් කාන්තාව ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.
අදාළ කාන්තාවගේ මළ සිරුර එම නිවසේ කාමරයක ඇඳක් මත තිබී හමු වූ අතර ඇගේ දෑත් මත මල් කළඹක් ද තබා තිබුණා.
එහිදී ගෙල වැළලාගෙන මිය ගොස් සිටි පිරිමි පුද්ගලයකුගේ දේහයක් ද හමු වූ බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව සිදු කල මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, තම නීත්‍යානුකූල විවාහයන්ගෙන් වෙන් වී අදාළ යුවළ වසර 05ක පමණ කාලයක් අනියම් සබඳතාවයක් පවත්වමින් එම නිවසේ කල්ගත කර ඇති බවයි.
ඔවුන්ට, සිය නීත්‍යානුකූල විවාහයන් තුළ දරුවන් සිටින බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ, එක්ව සිටි කාලය තුළ ඇති වූ ගැටලුවක් මෙම ඝාතනයට සහ සියදිවි හානිකර ගැනීමට හේතුව වන්නට ඇති බවයි.
එලෙස මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි කාන්තාවක්.