වෑන් රථ අනතුරකින් ගැබිණි මවක් හා ඇයගේ සැමියා මරුට
වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයකට යටවීමෙන් ගැබිණි කාන්තාවක් සහ ඇයගේ සැමියා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අඹුසැමි යුවළ මාර්ගයේ පාගමනින් යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව බුත්තල පොලිසිය පවසනවා.
අදාළ ගැබිණි මවට ඇයගේ දරුවා ප්‍රසූත කිරීමට තවත් දින දෙකක් පමණ තිබූ බව ද පවුලේ ආරංචි මාර්ග සඳහන් කළා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, අනතුර සිදුකළ වෑන් රථය සිද්ධියෙන් පසු නොනවත්වාම ඉදිරියට ධාවනය කර ඇති බවයි.
කෙසේවෙතත් එම වෑන් රථය කුකුරන්පොළ ප්‍රදේශයේ සඟවා තිබියදී හමුවූ බව පොලිසිය සඳහන් කළා.
මෙම සිද්ධියත් සමග සැකකාර රියාදුරා වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් වැල්ලවාය – මොනරාගල මාර්ගය බුත්තල ප්‍රදේශයෙන් වසා විරෝධතාවක නිරතව සිටිනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ.