වව්නියාවේ මිය ගිය දැරිය සිය දිවි නසා ගත්තාද?
වව්නියාව – ගනේෂපුරම් – මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පාළු ළිඳක තිබී 16 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් පසුගිය (30) වැනිදා සොයා ගැනුණා.
මෙලෙස මියගොස් ඇත්තේ, ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දැරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් සිදුකළ විමර්ශන වලදී සාක්ෂි කිහිපයක් අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.
ඒ අනුව පොලිස් සුනඛයන් විසින් ළිඳ පිහිටි ස්ථානයට යාබදව ඉදිකරමින් පවතින වෙළඳසැලක හිස් මත්පැන් බෝතල් කිහිපයක් තිබූ ස්ථානයක් හඳුනාගෙන තිබෙනවා.
කෙසේවෙතත් අදාළ මත්පැන් බෝතල් මීට සතියකට පමණ පෙර භාවිතා කළ ඒවා බවට තොරතුරු අනාවරණය වී අතර ඒ සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ වලදී එම වත්තේ සේවකයා සඳහන් කර ඇත්තේ, කිසියම් පිරිසක් විසින් භාවිතා කර විසි කර තිබූ එම මත්පැන් බෝතල් තමා එක් රැස්කල එම ස්ථානයේ තැබූ බවයි.
එමෙන්ම අදාළ දැරියගේ පාවහන් යුගලය සහ පොත් බෑගය ඇයගේ සිරුර ගොඩගත් ළිඳ ආසන්නයේ පිහිටි ගසක් යට තිබී හමු වී තිබෙනවා.
කෙසේවෙතත් පොලිසිය සැක පළ කරන්නේ අදාළ දැරිය ළිඳට පැන සියදිවි හානි කර ගන්නට ඇති බවයි.