Latest News

වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වෙයි

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 20/20 තරගාවලියේ ඉදිරි තරග සියල්ලම වනිඳුට අහිමි වෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අති දක්ෂ පන්දු යවන්නෙකු වන වනිඳු හසරංගගේ සහාය ශ්‍රී ලංකා පිලට අත්‍යවශ්‍ය ම සාධකයක් වන අතර, ඔහුගේ අඩු ව සමගින් ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල පරාජය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් අභියෝගයක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පවසනවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 20 / 20 තරගාවලියේ තීරණාත්මක තුන්වැනි තරගය කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී අද ( 15) පැවැත්වෙනවා.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පළමු තරග දෙකට සහභාගි නොවූ කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට යළි එක්වන බව සඳහන්.

තරගාවලියේදී දෙකට බිංදුවක් ලෙස කණ්ඩායම ඉදිරියෙන් සිටියද දෙවන එක්දින තරගයේ දී ඔවුන්ට ශ්‍රී ලංකා පිළෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වුණා.