Latest News

වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) දින සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුතා, එම නගර සභාවේ සේවකයින් තිදෙනෙකු, කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කලේ.

මෙහිදී අත්අඩංගුවට ගත් පිරිසගෙන් සිද්ධියට අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.