ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගිය තරුණියක් සැඩ පහරට හසුවී අතුරුදන් වෙයි
ගලබොඩ දිය ඇල්ල නැරඹීමට සිය පෙම්වතා සමග ගිය 17 හැවිරිදි තරුණියක් අතුරුදන්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා පවසා ඇත්තේ, ජල පහර වැඩි වීමත් සමග තරුණිය ඊට ඇද වැටුණු බවයි.
අදාළ තරුණිය සොයා ප්රදේශවාසීන් ඇතුළුව නාවලපිටිය පොලිස් නිලධාරින් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
මේ අතර, නාවලපිටිය – කැටබුලාව වතුයායට පිවිසීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක් කැටබුලාව පාලම මතින් එගොඩ යාමේදී සැඩ පහරකට හසුවී අතුරුදන්වී ඇති බව වාර්තා වනවා.
නාවලපිටිය පොලිසිය සඳහන් කලේ, අතුරුදන් වුවන් සොයා මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බවයි.