Latest News

පොලිසියට බැන වැදුණු වෙදආරච්චි පුතුට හා ලේලියට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ඔහුගේ ලේලියට අධිකරණය මගින් අද (08) ඇප නියම කර තිබෙනවා.

වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙලෙස ඇප නියම කරනු ලැබුවා.

රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා ට පසුගිය (01) වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණා.

සිද්ධියෙන් පසු සැඟව සිටි ඔවුන් දෙදෙනා පසුගිය (06) වනදා පොලිසියට භාරවූ අතර අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව අද (08) දිනය දක්වා එහිදී ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.