වැලිකඩ බන්ධනාගාරය තුළ දී ජේලර්වරියක් අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 52 හැවිරිදි කාන්තාවක්.
අදාළ ජේලර්වරිය සන්තකයේ තිබී ඖෂධ වලට සමාන පෙති වර්ගයක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය විසින් හදිසියේම එම පෙති මුව තුළ සඟවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අදාළ පෙති වර්ගය සමග ජේලර්වරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පෙති , ඖෂධිය පෙති හෝ මත් පෙති ද යන්න පරික්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් වෙත යොමුකර තිබෙනවා.