Latest News

බිරිඳ නිදි යහනේදී සැමියා ඝාතනය කරයි

හොරණ මල් බෙරිගම නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිද සැමියාගේ ගෙල සිරකර නිදි යහන මත ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය පවසනවා.

ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වසන්ත කුමාර (30) නමැති හිටපු හමුදා සෙබලෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා බිරිඳ සමග නිරතුරුව ආරවුල් හටගෙන තිබූ බවත් එදිනද ඔවුන් දෙදෙනා අතර සුපුරුදු ලෙස ආරවුලක් හටගෙන තිබූ බව ද පොලිසිය සඳහන් කළා.

ආරවුලෙන් පසු මෙම පුද්ගලයා ගොස් නිදා ගැනීමෙන් අනතුරුව සැකකාරිය විසින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

සැකකාරියගේ මව්පියන් ඒ ආසන්නයේ පදිංචිව සිටියත් ඔවුන් මෙම ආරවුල සමථයකට පත් කිරීම සඳහා මැදිහත් වීමක් සිදුකර නොමැත.

ඝාතනය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.