Latest News

බිරිඳගේ ඥාතීන් සිදුකළ පහරදීමෙන් සැමියා මරුට

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ (06) රාත්‍රී කාලයේ, බිරිඳගේ ඥාතීන් පිරිසක් සැමියාට සිදුකල පහරදීමක් නිසා සැමියා මිය ගිය පුවතක් සන්දිවේලි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, සන්දිවේලි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

නිවසක ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳට සිදුකළ පහරදීමකින් බිරිඳ තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.

අදාළ සිද්ධියට උරණ වූ බිරිඳගේ ඥාතීන් පිරිසක් විසින් සැමියාට සිදුකළ පහරදීමෙන් ඔහු මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

කෙසේවෙතත් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් විසින් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඝාතනය සඳහා යොදාගත් කැත්තක් හා පොල්ලක්ද අපරාධ ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම, එම ගැටුම අතරතුරදී සැමියාගේ ඥාතීන් තිදෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා සන්දිවේලි රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සන්දිවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.