නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කළ කාන්තාවක් අත්අඩංගුවට…
මුදල් සහ රන් ආභරණ තොගයක් බැංකු ශාඛාවක තැන්පත් කර තිබූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ග්‍රෑන්ඩ්පාස් පර්ගියුසන් පාරේ නිවසක දී.
අදාළ කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 36ක පමණ මුදලක් ස්ථිර තැන්පතු ගිණුමක සහ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කර තිබීම හා පවුම් 60කට අධික බරින් යුත් රන් භාණ්ඩ තොගයක් බැංකු ශාඛාවක ආරක්ෂිත සේප්පුවක් තුළ සඟවා තිබී ඇතැයි පොලීසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් 53 හැවිරිදි සැකකාරිය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.