කාන්තාවන්ට උද්‍යානවලට පිවිසීම තහනම්…
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කාබුල් අගනුවර විනෝද උද්‍යාන සඳහා ඇතුළු වීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, පසුගිය වසරේ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ පාලනය සිය ග්‍රහණයට ගත් දින සිට කාන්තා අයිතිවාසිකම් සහ නිදහස දැඩි ලෙස සීමා කර තිබෙන බවයි.
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්ද යන්න සොයන්න ගැරුවරුන්ට පුහුණුවක්…
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ගුරුවරුන්ට පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
දරුවන් සහ තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස යෝජනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ විවාදයට ඊයේ (10) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.