Latest News

අවිවාහක කාන්තාවන් සඳහා ගබ්සාවට අවසර දෙයි

ඉන්දියාවේ අවිවාහක කාන්තාවන්ට ගබ්සා කිරීම් සඳහා අවසර ලබා දීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.

එරට 25 හැවිරිදි තරුණියක විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව කළලයට සති 24ක් ඉක්ම යෑමට මත්තෙන් අවිවාහක කාන්තාවන්ට ගබ්සා කිරීම සඳහා අවසර ලබාදී තිබෙනවා.

අදාළ තරුණිය ගැබ් ගැනීමෙන් අනතුරුව පෙම්වතා ඇයව විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙලෙස ඇය ගබ්සා කිරීමට අවසර ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.