රජයේ රැකියාවක් දෙන්න කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලු පුද්ගලයෙකු අත්අඩංගුවට
කාන්තාවකට රජයේ රැකියාවක් ලබා දෙන බව පවසා ලිංගික අල්ලසක් සහ රුපියල් 50,000 ක මුදලක් ඉල්ලූවැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (07) නියෝග කර තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින්
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, උරයප්පුලම්, අතෙයිකෝට්ටේ, කල්මුණේ පදිංචි ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක මුහම්මදු කාසිම් මුහම්මදු හා ඔහුගේ ලේකම් යැයි කියන එම්. පී. එස් නවාතැන්පළ , ලෙබ්බෙ සෙයිනුල් ආබ්දීන් පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
රජයේ රැකියාවක් ලබා දෙන බවට පවසා තමාගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් හා ලිංගික අල්ලසක් සැකකරු විසින් ඉල්ලා ඇති අතර ප්‍රථමයෙන් රුපියල් 50,000 ක මුදලක් රැගෙන ඔහු හමුවීමට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව පැමිණිලිකාරිය අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව අදාළ මුදල ලබා ගැනීමට යාමේදී සැකකරුවන් දෙදෙනා පිටකොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලක දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.