Latest News

ඊසි -කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදූ දෙදරු මවක් අත්අඩංගුවට

මාර්ගයක් අසල සිදුකළ හදිසි පරීක්ෂාවකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදරු මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් කාන්තා නිලධාරිනියන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇය සතුව තිබී කුඩා කොටස්වලට වෙන් කරන ලද හෙරොයින් ග්‍රෑම් 19ක් සොයා ගැනීම හේතුවෙන්.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 28 හැවිරිදි දෙදරු මවක්.

දකුණු පළාතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මත්ද්‍රව්‍ය ඇය එලෙස දීර්ඝ කාලයක සිට බෙදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇය සතුව රුපියල් ලක්ෂ 5ක පමණ හෙරොයින් තිබූ බව පොලිසිය සඳහන් කළා.

පොලිසිය මගින් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය සඳහන් කර ඇත්තේ, එම එක් පැකට්ටුවක් රුපියල් 25,000ස බැගින් අලෙවි කළ බවත් ඊසි -කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදාහැරීමේ නිරතවී සිට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.