ලක්ෂ 46ක් සොරාගත් මෙහෙකාරිය අත්අඩංගුවට
බම්බලපිටිය ප්‍රදේශයේ නිවසික් රුපියල් ලක්ෂ 46ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් එම නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 40 හැවිරිදි වටවල ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්.
අදාළ සැකකරිය මෙම මුදල් නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබියදී පොලිසිය සොයා ගනු ලැබුවා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, නිවෙස් හිමියන් විසින් රථ වාහනයක් මිළදි ගැනීම සඳහා බැංකුවෙන් රැගෙනවිත් තිබූ මුදල් අතරින් සැකකාරිය මෙම මුදල සොරාගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බම්බලපිටිය පොලිසිය සිදුකරනවා.