Latest News

නඩු භාණ්ඩ නිදහස් කර දෙන මුවාවෙන් මුදල් වංචාවක් කළ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට

අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70ක් නිදහස් කර දීමට හැකි බව පවසා රුපියල් 3,694,000ක් ගිණුම්ගත කරවාගෙන මුදල් චංචාවක් සිදුකළ සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ඇත්තේ, අවුරුදු 36 හා 38 යන වයස්වල පසුවන වැලිවැටිතුරය ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙක්.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා ඊයේ (04) දහවල් කාලයේදී කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සැකකාරියන් අද (05) පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නෙල්ලිඅඩි පොලීසිය හා කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකරනවා.