Latest News

කුඩු රැජිණ හෙවත් “කුඩු බට්ටි” අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් “හරක් කටාගේ” මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් “කුඩු බට්ටි” හා තවත් පුද්ගලයෙක් ඊයේ (30) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව අදාළ වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 600ක් සමග රාජගිරිය කෝට්ටේ පාරේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් කාන්තාවගේ වයස අවුරුදු 40ක් වන අතර පිරිමි පුද්ගලයා 34 හැවිරිදි වියේ පසුවනවා.

ඔවුන් රාජගිරිය සහ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා සැකකාරිය වැලිකඩ පොලීසිය වෙත භාරදී තිබෙනවා.