Latest News

අයිස් අරගෙන බන්ධනාගාරයේ ඉන්න සැමියා බලන්න ආපු බිරිඳ

බන්ධනාගාර ගතව සිටින සැමියා බැලීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක කාන්තාවක්.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතින් හා එම ඥාතින් විසින් රැගෙන එන භාණ්ඩ පරීක්‍ෂා කරන ස්ථානයේදී ඊයේ (28) මෙම වැටලීම සිදුකර බවයි.

සැකකාරිය පරීක්ෂා කිරිමේදී රහස්‍ ප්‍ර‍දේශය හා සනිපාරක්ෂක තුවාය අතර කොටසේ රතු පැහැති පොලිතින් කවරයක ඔතා ඉතා සූක්ෂ්මව සඟවා ගෙන සිටි අයිස් මිලි ග්‍රෑම් 2,160ක් සොයා ගෙන තිබෙනවා.

අදාළ කාන්තාවගේ සැමියා මිනි මැරීමේ වරදක් හේතුවෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු වන අතර ඔහු බැලීම සඳහා පැමිණි එම කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු අගුණකොළපැලැස්ස පොලිසිය විසින් සිදුකරනවා.